Friday, July 18, 2008

සුඩාන ජනපතිට අයි.සි.සිය තොණ්ඩුව දමයි

ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ ඩාෆුර් ප්‍රදේශය පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරීයා විසින් සුඩාන ජනාධිපතිවරයා ඩාෆූර් ප්‍රදේශයේ වර්ග ඝාතනය සහ ස්ත්‍රී දුෂණ පිළිබඳ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලදි.

මෙම අධිචෝදනා පත්‍රය අනුව ලෝකයේ ප්‍රථම වතාවට ස්ථීර යුධ අපරාධ පිළිබඳ විනිශ්චය මණ්ඩලයක් විසින් දැනට රටක ප්‍රධානත්වය දරමින් සිටින රාජ්‍ය ප්‍රධානියකුට යුධ අපරාධ පිළිබඳ චෝදනා ගොනුකර ඇත. මේ අනුව සූඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් අවාසනාවන්ත ලෙස ඉතා නුදුරු දිනයකදී මෙම නඩු විභාගයට මුහුණ දීමට සිදුවනු ඇත.මෙම චෝදනා පත්‍රය සහ අත් අඩංගුවට ගැනීමේ නියෝගය හෙළා දකිමින් සුඩානය කියා සිටිනු ලැබුවේ මෙය නොසලකා හරිනු ලබන බවත්, මෙමඟින් හමුදාමය මැදිහත්වීමකට අවස්ථාව සොයන බවත්ය. සුඩානයේ රාජ්‍ය ප්‍රධානියකු ප්‍රකාශ කරනු ලැබුවේ තව දුරටත් ගැටුම් පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සුඩාන රජය සහතික නොකරන බවයි.
පැමිණිල්ල මෙහෙයවන නීති නිලධාරී මොරේනෝ ඔකැම්පෝ විසින් සුඩාන ජනාධිපතිවරයාට විරුද්ධව චෝදනා 10 ක් ගොනුකර ඇත. ඒ අතර ඩාෆුර් ප්‍රදේශයේ සුඩාන ගෝත්‍ර 3ක 300,000 ජිවිත විනාශ කිරීම සහ මිලියන 2.5ක ජනතාව ඔවුන්ගේ නිවාස වලින් පලවා හැරීමද ඇතුලත් වෙයි. විනිසුරුවරුන් 3 දෙනෙකුගේන් සමන්විත මණ්ඩලය මාස තුනක් තිස්සේ අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කිරීම පිණිස සලකා බලමින් සිටින ලදි.කෙසේ වෙතත් මානව හිමිකම් සුරකීමේ කණ්ඩායම් මෙම නියෝගය පිළිබඳව සතුටුවුනද ජනාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අදාල නඩු විභාග සඳහා හේග් නුවරට ගෙනගිය හොත් එය නැවත සුඩානය තුළ භීෂණකාරී වටපිටාවක් ඇතිවීම උත්තේජනය කිරීමේ අවදානමක් ද පවතී. මෙම අධිකරණ කටයුතු 2002 දී තම කටයුතු පටන් ගත් නමුත් සුඩාන ආණුඩුව කෙරෙහි බලය ක්‍රියාත්මක කිරීමක් මෙතෙක් සිදු නොවන ලදි. මෙම තීන්දුව සුඩානයේ සාම ක්‍රියාවලිය සහ අරක්ෂක තත්ත්වය මහත් බලපෑමක් කරනු ඇත.
මේ අතර සුඩානයේ නියෝජ්‍ය කථානායක මොහොමඞ් අල් හසන් අල් අමීන් අනතුරු අඟවමින් කියා සිටිනු ලැබුවේ සුඩානයට කිසිවකුගේ ආරක්ෂාව පිළබඳව තවදුරටත් වගකිව නොහැකි බවයි. ඔහු ජාතික රූපවාහිනය තුළින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව සුඩානයෙන් ඉල්ලා සිටින අතර ඔවුන් අපගේ රාජ්‍ය ප්‍රධානියා අත් අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන අතරතුර එවැනි ඉල්ලීමක් පිළිබඳව සහතිකයක් ඔවුන්ට දිය නොහැකිබවයි.
මෙම තත්ත්වය වසර දහයක් තිස්සේ දිග්ගැස්සෙමින් යන දකුණු සහ උතුරු සුඩානයේ විරෝධතාවයන් විසඳීමට කරනු ලබන සාකච්ඡා දෙදරා යාමට මෙන්ම සහන සේවකයන් සහ එක්සත් ජාතීන්ගේ සහ අප්‍රිකානු සංගමයේ සාම සාධක හමුදාවන් සරණාගත කඳවුරු වල මිලියන 2.5ක්වු සරණාගතයන් රැක ගැනීමට දරනු ලබන උත්සාහය අනතුරට පත් වීමක් ලෙසද සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනු ලබයි.
මතු සම්බන්ධයි.......

No comments: